ජීවිතේ හිස්බව

ජීවන මගේ පියමැන
පැමිණ ඇත මා බෝ දුර
දනිමි මම සැබවින්
තව යා හැකි දුර ඉතා කෙටි බව
දැරියකව සිටියදී
හිතාන උන්නේ
ජීවිතය
රෝසමල් යහනාවක්යැයි
යුවතියක් වූ විට
සිත සොයා දිව්වා
තරුණයෙකුගේ
ප්‍රේමය
තරුණියක සමයේ
වැදූ දරුවන් අද නැත
උන් ගොහින් ඇත පිටවෙලා
උන්ගෙ ලොව ගොඩනැගුමට
සෙවනැල්ල ලෙස සිටි
මහිම් ගොස් ඇත
ඉතා දුර ඈතක
දනිමි නුඹ කිසිදා
යලිත්නම් නොම එන බව
මගේ ළග තනියට
පාලුව ඇත ගේ සැමතැන
නුඹලාගේ මතක
හොල්මන් කරයි මේ හැමතැන
දිවාකළ දැඩි රශ්මි දුන්
හිරු පවා දැන් ස්තිජයේ අද්දර
ජීවිතේ හිස්බව පසක් කර දෙයි
මේ සැම මට
දනිමි මම හොදහැටි
නුඹ එනබව විගස
සිට්මි මම නෙත් හැර
නුඹ එන තෙක්
කව්ලුව අද්දර
No comments:
Post a Comment