Saturday, May 8, 2010


                         .....නිමාව.....


බලාන සිටියෙමි අයා ගත් දෙනුවනින්
ඔබ නැවත කෙදිනක දකින්නෙම්දැයි
ඔබ නොසිටි කාලය
මට කියාදුන්නා ඔබ නැතිව බැරි බව
හිරු දවාලූ ගත පතා හැඩුවා ඔබේ පහසම
.
.
නුඹ නොසිටි ජීවිතය පැමින ඇත මරණයේ අභියසට
නමුත් ඔබ පමානැත
පැමිණ ඇත ජීවිතය අරගෙන
ආයෙමත් හිනැහෙන්න ඔබ නිසා හැකිය මට
.
.
ඉපල්ව යන අතු නැවත දළු දමා ලියලන්න
ලස්සනට පාටකළ මල් කැකුළු පුබුදන්න
ආයෙමත් වතාවක් ඵලබරව හිනැහෙන්න
බලාගෙන හිදිමි මම ඔබ එන්න....................ඔබ එන්න
.
.
ඉදිකඩින් එහාසිට කෝල ලෙස හිනැහෙමින්
එපා තව කල්ගන්න මට ඉන්න බැහැ බලන්
ජීවිතය සුන්දරයි නුඹ ඉන්න විට ළගින්
වැලඳගන් මා ඉතින් සෙනෙහසින් නහවමින්..............

No comments: